

නවීන තාක්ෂණයත් සමඟ රාජ්‍ය සේවය ඩිජිටල්කරණ වෙමින් පවතින යුගයක පන්නල ප්‍රා දේශීය සභාව විසින් මහජනතාවට වඩාත් සමීප වූ සේවාවක් සැපයීමේ අරමුණින් ආරම්භ කරන ලද පන්නල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය සැකසීමට හැකි වීම සම්බන්ධයෙන් මා අතිශය සතුටට පත්වෙමි.
ග්‍රාම නිලධාරී වසම් 87ක් ඇති විශාල බල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සේවාවන් කාර්යක්ෂමව හා කැපවීටමන් යුක්තව ඉටු කරන ආයතනයක් වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ප්‍රාදේශීය සභාවක් බව සිහිපත් කරන්නේ මහත් අභිමානයකින් යුක්තවයි.
උප කාර්යාල හතරකින් , පුස්තකාල 15 කින්, ආයුර්වේද මධ්‍යස්ථාන 02 කින්, ආදාහනාගාරයක්, කොම්පෝස්ට් අංගනයක් වැනි සේවාවන් රාශියක් මහ ජනතාවට වඩාත් සමීප සේවාවක් ඉටු කර ගැනීමට ඉඩහසර සලසා දීමයි.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මොබිටෙල් ආයතනය ලබා දෙන ප්‍රශංසනීය සේවාව ඉතා අගය කරන අතර මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ මහජනතාව මෙය පරිහරණය කරනු ලබන ආකාරය අනුවය. ඒ අනුව පන්නල ප්‍රාදේශීය සභාව විසින් ලබා දෙනු ලබන සේවාව මහජනතාවට වඩාත් සමීප කිරීමට කටයුතු කිරීමට මේතුළින් හැකියාව ලැබී ඇත.
මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් උපදෙස් ලබා දෙමින් කටයුතු කරන පළාත් පාලන කොමසාරිස් , සංජීවනී හේරත් මහත්මිය ඇතුළු පළාත් පාලන දෙපාර්තමේන්තුව ලබා දෙන සහාය ස්තුති පූර්වකව සිහිපත් කරමි.
මහජන මුදලින් නඩත්තුවන රජයේ ආයතනයක් බැවින් මහජනතාව වෙනුවෙන් ලබා දිය යුතු අනන්ත වූ සේවාව ලබා දීමට මේ සියලු කටයුතු පිටුවහලක් වී අපගේ දැක්ම වන සෞභාග්‍යෙයන් සපිරි රම්‍ය පුරවරයක් කරා වේගයෙන් ප්‍රෙව්ශ වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරමි.