පන්නල නගරයේ ඓතිහාසික පසුබිම පිළිබද සොයා බැලීමේදී ජනප්රවාදයේ එන කථා කිහිපයක් ගැන දක්නට ලැබේ. පෘතුගීසි පාලන සමයේ අද පන්නල නමින් හැදින්වෙන ස්ථානයෙහි පෘතුගිසීහු කදවුරු බැදගෙන සිටිය බව ජනප්රවාදයෙහි කියවේ. ඔවුන් කදවුරු බැදගෙන සිටි තැනින් එලවා දැමූ හෙවත් පන්නා දැමූ ස්ථානය පන්නල නම් වූ බව එක් ජනප්රවාදයකි.
පන්න නැමති ජන කොට්ඨාසයක් අද පන්නල නිමන් හැදින්වෙන කොටසේ ජීවත් වූ බවත් වෙනත් කුලයකට අයත් පිරිසක් විසින් ඔවුන් මෙම ස්ථානයෙන් පන්නා දැමූ බවත් එසේම පන්න අය පන්නා දැමූ ස්ථානය පන්නල වූ බවත් තවත් මතයකි.
එමෙන්ම දැනට අවුරුදු සිය ගණනකට පෙර අද පන්නල නමින් හැදින්වෙන භූමි ප්රදේශය වගුරු බිමක් ලෙසින් පැවති ස්ථානයක් බව කියවේ. එම වගුරු බිම විශාල වශයෙන් පන් වලින් වැසී තිබූ බවත් අල සහිත වූ පන් වර්ගයක් තිබූ නිසා පන්-අල යන්න පන්නල වූ බවත් ජනප්රවාදයේ එන තවත් එක් ජනප්රිය පුවතකි.
එමෙන්ම පන්නල ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයක් ද ඇත. ඒවා පහත දැක්වේ.
- මැද්දෙපොල පුරාණ විහාරය
- වනමන්දාව පුරාණ විහාරය
- බෝපිටිය ශ්රී සුධර්මාරාමය
- වත්තේගෙදර – මුරුතැන්ගේ – කණුගල විහාරය
- කොටුවැල්ල අම්බලම
- හොරවඩුන්න සුදර්ශනාරාම ශෛයලබිම්බාරාම විහාරය
- උයන්වත්ත පන්සල
- කුවේණි වැව.
- යකා බැඳි ඇල්ල.
- ටැම්පිටි විහාරය
