1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සම්මත වීමත් සමග 1988.01.01 දින සිට පළාත් පාලන ක්‍රමය පිහිටවූ අතර එම පනතේ විධිවිධාන අනුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් කරන ලද නියෝග අනුව පළාත් පාලන හා සංවර්ධන කාර්ය වලට ඵලදායී ලෙස ජනතාවගේ සහභාගීවීම පහසුකරලීමේ අරමුණ ඇතිව පළාත් පාලන ආයතන පිහිටුවන ලදී. ඒ අනුව සංස්ථාපනය කරන ලද ප්‍රාදේශීය සභා 258 අතරට ඇතුලත්ව පන්නල ප්‍රාදේශීය සභාවද ස්ථාපිත විය.
ඒ අනුව සංවර්ධන සභා ක්‍රමයට කලින් පැවති ගම් සභා අතරින් පන්නල ගම්සභාව , හමංගල්ල ගම්සභාව සහ මාකඳුර ගම් සභාව යන බල ප්‍රදේශ තුන ඒකාබද්ධ වී පන්නල ප්‍රාදේශීය සභාව ස්ථාපිත වූ අතර වර්තමානයේ කටුගම්පල මැතිවරණ කොට්ඨාශ බල ප්‍රදේශය පන්නල ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය ලෙස හදුන්වා දිය හැකිය. ග්‍රාම නිලධාරී වසම් 87 ක් හා 291.64 km2 කින් සමන්විත විශාල බල ප්‍රදේශයක් අයත්වන බැවින් සේවාවන් විශාල ප්‍රමාණයක් ඉටුකිරීමේ වගකීම පන්නල ප්‍රාදේශීය සභාවට පැවරී ඇත. බල ප්‍රදේශය තුල කර්මාන්ත පුරයක් මෙන්ම විසිරී ගිය මහා පරිමාණයේ කර්මාන්ත ශාලා රාශියක්ද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින්ද පිරි නාගරික හා අර්ධ නාගරික ලක්ෂණ පෙන්වන මනා දේශගුණයකින් සමන්විත සරුසාර පසකින් යුත් බැවින් සියළු දේ වැවෙන බිමකින් යුතු ඓතිහාසික දඹදෙණි රාජධානියට ඉතා ආසන්න ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් පන්නල ප්‍රාදේශීය සභාවට හිමිවී ඇත.
ප්‍රජාවක ශක්තිය, පළාත් පාලන ආයතනය සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම කෙරෙහි එහි කැපවීම තුළින් පිළිබිඹු වේ.


උතුරින් කුලියාපිටිය ප්‍රාදේශීය සභා සීමාවෙන්ද. දකුණින් සුන්දර මා ඔයෙන්ද. නැගෙනහිරින් නාරම්මල ප්‍රාදේශීය සභා සීමාවෙන් හා බටහිරින් රට මැද පාරෙන් සීමා වෙන ග්‍රාම නිලධාරි වසම් 87 ක් හා වර්ග කිලෝමීටර 291.64 ක් පුරා විහිදී යන භූමි භාගයකට පන්නල ප්‍රාදේශීය සභාව හිමිකම් කියයි.
ඓතිහාසික ස්ථාන රැසකට උරුමකම් කියන පන්නල ප්‍රාදේශීය සභාව අතිශය සුන්දර බල ප්‍රදේශයක් වශයෙන් හඳුන්වා දිය හැකි අතර අතීතයේ සිට ඉතා සශ්‍රීක ප්‍රදේශයකට උරුමකම් කියන මෙම ප්‍රදේශයට සේවය කිරීමට මා ප්‍රාදේශීය සභා සභාපති වශයෙන් තේරී පත්වීමට ලැබීම භාග ්‍යයක් කොට සලකමි.
මහජන මුදලින් නඩත්තුවන රාජ්‍ය ආයතනයක් වශයෙන් බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම අපගේ කාර්ය භාරය වේ. තවද පවත්නා ආදායම් මාර්ගයන්ට අමතරව නව ආදායම් උත්පාදන මාර්ග සංවර්ධනය කරමින් ජනතාවගේ ආර්ථික ශක්තිය හා පන්නල ප්‍රාදේශීය සභාවේ වත්කම් වැඩිදියුණු කරමින් ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.
නව තාක්ෂණය සමඟ යමින් මහජනතාවට කාර්යක්ෂම සේවයක් ඉටු කිරීම මෙම වෙබ් අඩවිය නිර්මාණය හා පවත්වා ගෙන යාමේ අරමුණ වන අතර ඒ තුළින් වත්මන් සමාජයට ගැලපෙන අයුරින් පන්නල ප්‍රාදේශීය සභාවේ සේවාවන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙමි.
එස්.එම්.නන්දනසිරි පරාක්‍රම.
ගරු සභාපති,
පන්නල ප්‍රාදේශීය සභාව.


Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.
Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.
Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.
Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.

