Scroll Top

පරිපාලන ව්‍යුහය

ලේකම්තුමියගේ පණිවිඩය

නවීන තාක්ෂණයත් සමඟ රාජ්‍ය සේවය ඩිජිටල්කරණ වෙමින් පවතින යුගයක පන්නල ප්‍රා දේශීය සභාව විසින් මහජනතාවට වඩාත් සමීප වූ සේවාවක් සැපයීමේ අරමුණින් ආරම්භ කරන ලද පන්නල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය සැකසීමට හැකි වීම සම්බන්ධයෙන් මා අතිශය සතුටට පත්වෙමි.

ග්‍රාම නිලධාරී වසම් 87ක් ඇති විශාල බල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සේවාවන් කාර්යක්ෂමව හා කැපවීටමන් යුක්තව ඉටු කරන ආයතනයක් වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ප්‍රාදේශීය සභාවක්   බව සිහිපත් කරන්නේ මහත් අභිමානයකින් යුක්තවයි.

උප කාර්යාල හතරකින් , පුස්තකාල 15 කින්, ආයුර්වේද මධ්‍යස්ථාන 02 කින්, ආදාහනාගාරයක්, කොම්පෝස්ට්  අංගනයක් වැනි සේවාවන් රාශියක් මහ ජනතාවට වඩාත් සමීප සේවාවක් ඉටු කර ගැනීමට ඉඩහසර සලසා දීමයි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මොබිටෙල් ආයතනය ලබා දෙන ප්‍රශංසනීය සේවාව ඉතා අගය කරන අතර මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ මහජනතාව මෙය පරිහරණය කරනු ලබන ආකාරය අනුවය. ඒ අනුව පන්නල ප්‍රාදේශීය සභාව විසින් ලබා දෙනු ලබන සේවාව මහජනතාවට වඩාත් සමීප කිරීමට කටයුතු කිරීමට මේතුළින් හැකියාව ලැබී ඇත.

මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් උපදෙස් ලබා දෙමින් කටයුතු කරන පළාත් පාලන කොමසාරිස් , සංජීවනී හේරත් මහත්මිය ඇතුළු පළාත් පාලන දෙපාර්තමේන්තුව ලබා දෙන සහාය ස්තුති පූර්වකව සිහිපත් කරමි.

මහජන මුදලින් නඩත්තුවන රජයේ ආයතනයක් බැවින් මහජනතාව වෙනුවෙන් ලබා දිය යුතු අනන්ත වූ සේවාව ලබා දීමට මේ සියලු කටයුතු පිටුවහලක් වී අපගේ දැක්ම වන සෞභාග්‍යෙයන් සපිරි රම්‍ය පුරවරයක් කරා වේගයෙන් ප්‍රෙව්ශ වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරමි.

පරිපාලන ව්‍යුහය
ආයතනික අංශය

අංශ ප්‍රධාන - ප්‍රධාන කළමණාකරන සහකාර

එල්.බී.සී.එස්.ජයසේකර මහත්මිය

මෙම අංශය ප්‍රාදේශීය සභාවේ සමස්ත පරිපාලනය සහ සම්බන්ධීකරණය කළමනාකරණය කරයි. සුමට පාලනය සහ රාජ්‍ය සේවා සැපයීම සහතික කිරීම සඳහා එය ලියකියවිලි, සේවක කළමනාකරණය සහ අභ්‍යන්තර මෙහෙයුම් හසුරුවයි

අංශ ප්‍රධාන - එච්.එම්.එස්.ශාන්ත මහතා

මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම, අයවැයකරණය සහ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා වගකිව යුතුය. මෙම අංශය මූල්‍ය ගනුදෙනු වල විනිවිදභාවය සහතික කරන අතර වැටුප් ගෙවීම්, ව්‍යාපෘති අරමුදල් සහ මූල්‍ය විගණන කළමනාකරණය කරයි.

අංශ ප්‍රධාන - පී.එම්.ඒ.එස්.පතිරාජ මහත්මිය

මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම, අයවැයකරණය සහ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා වගකිව යුතුය. මෙම අංශය මූල්‍ය ගනුදෙනු වල විනිවිදභාවය සහතික කරන අතර වැටුප් ගෙවීම්, ව්‍යාපෘති අරමුදල් සහ මූල්‍ය විගණන කළමනාකරණය කරයි.

අංශ ප්‍රධාන - ප්‍රජා සංවර්ධන නිලධාරී

කේ.ආර්.කේ.අයි.බණ්ඩාර මහතා

මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම, අයවැයකරණය සහ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා වගකිව යුතුය. මෙම අංශය මූල්‍ය ගනුදෙනු වල විනිවිදභාවය සහතික කරන අතර වැටුප් ගෙවීම්, ව්‍යාපෘති අරමුදල් සහ මූල්‍ය විගණන කළමනාකරණය කරයි.

අංශ ප්‍රධාන - වැඩ අධිකාරී (තාක්ෂණ නිලධාරී)

ඒ.එම්.එස්.අතාවුද මහතා

මඟපෙන්වීම, බලපත්‍ර සහ පුහුණුව ලබා දීමෙන් දේශීය ව්‍යාපාර, කුඩා පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායකත්වයට සහාය වේ. කලාපයේ කාර්මික සංවර්ධනය සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේදී ද එය කාර්යභාරයක් ඉටු කරයි.