Scroll Top

අප ගැන

අප ගැන
පන්නල ප්‍රාදේශීය සභාව

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සම්මත වීමත් සමග 1988.01.01 දින සිට පළාත් පාලන ක්‍රමය පිහිටවූ  අතර එම පනතේ විධිවිධාන අනුව පළාත් සභා  හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් කරන ලද නියෝග අනුව පළාත් පාලන හා සංවර්ධන කාර්ය වලට ඵලදායී ලෙස ජනතාවගේ සහභාගීවීම පහසුකරලීමේ අරමුණ ඇතිව පළාත් පාලන ආයතන පිහිටුවන ලදී. ඒ අනුව සංස්ථාපනය කරන ලද ප්‍රාදේශීය සභා 258 අතරට ඇතුලත්ව පන්නල ප්‍රාදේශීය සභාවද  ස්ථාපිත විය.

ඒ අනුව සංවර්ධන සභා ක්‍රමයට කලින් පැවති ගම් සභා අතරින් පන්නල ගම්සභාව , හමංගල්ල ගම්සභාව සහ මාකඳුර ගම් සභාව යන බල ප්‍රදේශ තුන ඒකාබද්ධ වී පන්නල ප්‍රාදේශීය සභාව ස්ථාපිත වූ අතර වර්තමානයේ කටුගම්පල මැතිවරණ  කොට්ඨාශ බල ප්‍රදේශය පන්නල ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍ර‍දේශය ලෙස හදුන්වා දිය හැකිය. ග්‍රාම නිලධාරී වසම් 87 ක් හා 291.64 km2  කින් සමන්විත විශාල බල ප්‍රදේශයක් අයත්වන බැවින් සේවාවන් විශාල ප්‍රමාණයක් ඉටුකිරීමේ වගකීම පන්නල ප්‍රාදේශීය සභාවට පැවරී ඇත. බල ප්‍රදේශය තුල කර්මාන්ත පුරයක් මෙන්ම විසිරී ගිය මහා පරිමාණයේ කර්මාන්ත ශාලා රාශියක්ද කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින්ද පිරි නාගරික හා අර්ධ නාගරික ලක්ෂණ පෙන්වන මනා දේශගුණයකින් සමන්විත සරුසාර පසකින් යුත් බැවින් සියළු දේ වැවෙන බිමකින් යුතු ඓතිහාසික දඹදෙණි රාජධානියට ඉතා ආසන්න ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක් පන්නල ප්‍රාදේශීය සභාවට හිමිවී ඇත.

ප්‍රජාවක ශක්තිය, පළාත් පාලන ආයතනය සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්ම කෙරෙහි එහි කැපවීම තුළින් පිළිබිඹු වේ.
මෙහෙවර

පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් හිතකර වූ රමණීය පරිසරයක් බිහිකිරීමට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඇපකැප වීම.

දැක්ම

සෞභාග්‍යයෙන් සපිරි රම්‍ය පුරවරයක්

ලේකම්තුමියගේ පණිවිඩය

නවීන තාක්ෂණයත් සමඟ රාජ්‍ය සේවය ඩිජිටල්කරණ වෙමින් පවතින යුගයක පන්නල ප්‍රා දේශීය සභාව විසින් මහජනතාවට වඩාත් සමීප වූ සේවාවක් සැපයීමේ අරමුණින් ආරම්භ කරන ලද පන්නල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය සැකසීමට හැකි වීම සම්බන්ධයෙන් මා අතිශය සතුටට පත්වෙමි.

ග්‍රාම නිලධාරී වසම් 87ක් ඇති විශාල බල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සේවාවන් කාර්යක්ෂමව හා කැපවීටමන් යුක්තව ඉටු කරන ආයතනයක් වශයෙන් ඇගයීමට පාත්‍ර වූ ප්‍රාදේශීය සභාවක්   බව සිහිපත් කරන්නේ මහත් අභිමානයකින් යුක්තවයි.

උප කාර්යාල හතරකින් , පුස්තකාල 15 කින්, ආයුර්වේද මධ්‍යස්ථාන 02 කින්, ආදාහනාගාරයක්, කොම්පෝස්ට්  අංගනයක් වැනි සේවාවන් රාශියක් මහ ජනතාවට වඩාත් සමීප සේවාවක් ඉටු කර ගැනීමට ඉඩහසර සලසා දීමයි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මොබිටෙල් ආයතනය ලබා දෙන ප්‍රශංසනීය සේවාව ඉතා අගය කරන අතර මෙහි සාර්ථකත්වය රදා පවතින්නේ මහජනතාව මෙය පරිහරණය කරනු ලබන ආකාරය අනුවය. ඒ අනුව පන්නල ප්‍රාදේශීය සභාව විසින් ලබා දෙනු ලබන සේවාව මහජනතාවට වඩාත් සමීප කිරීමට කටයුතු කිරීමට මේතුළින් හැකියාව ලැබී ඇත.

මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් උපදෙස් ලබා දෙමින් කටයුතු කරන පළාත් පාලන කොමසාරිස් , සංජීවනී හේරත් මහත්මිය ඇතුළු පළාත් පාලන දෙපාර්තමේන්තුව ලබා දෙන සහාය ස්තුති පූර්වකව සිහිපත් කරමි.

මහජන මුදලින් නඩත්තුවන රජයේ ආයතනයක් බැවින් මහජනතාව වෙනුවෙන් ලබා දිය යුතු අනන්ත වූ සේවාව ලබා දීමට මේ සියලු කටයුතු පිටුවහලක් වී අපගේ දැක්ම වන සෞභාග්‍යෙයන් සපිරි රම්‍ය පුරවරයක් කරා වේගයෙන් ප්‍රෙව්ශ වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරමි.

පන්නල ප්‍රාදේශීය සභාවේ සිතියම
01
FIGHT FOR JUSTICE

Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.

02
BEST CASE STRATEGY

Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.

03
REVIEW DOCUMENTS

Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.

04
We achieve results

Lorem ipsum dolor sit ametcon sectetur adipisicing elit, sed doiusmod tempor incidi labore et dolore agna aliqua proin gravida.

සංවිධාන ව්‍යුහය
සංවිධාන ව්‍ය්‍රහය